Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

වරාය සේවක සටන නිමාවන ලකුණු-අගමැති සාකච්ඡා සාර්ථක මට්ටමක





අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජා සාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.

ඒ අනුව වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවද වෘත්තීය සමිති කියා සිටියේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරණය කිරීම වහා නවතන ලෙස ඉල්ලීම් වරාය සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර කර ඇත.

මේ අතර වරාය සේවකියන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව තමන් කණගාටු වන බවත්, මැතිවරණය සමයක් තුළ සිදුකරන මෙවැනි කඩාකප්පල්කාරී සිදුවීම් පිටුපස සිටින බලවේගය කවුදැයි සොයාබැලීමට සිදුවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාපලගම ප්‍රදේශයේ දී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

අනවශ්‍ය ලෙස කලබල වී ගැටලු විසඳිය නොහැකි බවත් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත යුතු බවත් එහිදී අගමැතිවරයා පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'