Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

ස්වයං නිරෝධායනයෙන් පැනගිය දෙදෙනා පාස්පෝට් කන්තෝරුවේ...





නිරෝධායනය සඳහා   යොමු කළ කාලය අවසන් වී ස්වයං නිරෝධායනයට යොමුකර සිටි කාලය අතරේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට පැමිණ සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.

ඉන් පසු ඔවුන් නැවතත් කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා කිලිනොච්චියේ පදිංචිකරුවන් වන අතර පසුගිය 10 වනදා මෙරට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිටයි.

එහිදී ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු සති දෙකක කාලය ඉකුත් වීම නිසා පසුගිය 24 වැනිදා ස්වයං නිරෝධායනය සඳහා නිවාස වලට යොමු කරන ලදී.

නමුත් ස්වයං නිරොදායන කාලය අවසන් වීමට පෙර මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැමිණ සිටීම නිසා බුද්ධි අංශ විසින් ඔවුන් අල්ලා නැවත නිරෝධායන සඳහා යොමු කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'