Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

කන්දකාඩු ආසාදිත පොකුර 597ක්





අද දින උදෑසන වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ ව කොරෝනා ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පුනරුත්ථාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලයේ 65ක්, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක්, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වු රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙක් මෙම ආසාදිතයින් අතරට අයත් ය.

මේ අතර අද උදෑසන 6 වන විට නව ආසාදිතයින් 23 දෙනෙක් වාර්තා වු අතර එයින් ආසාදිතයින් 17ක් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් වේ.

ඉතිරි අයගෙන් පස් දෙනෙක් කටාර් සිට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් වන අතර එක් අයෙක් සෞදි අරාබියේ සිට පැමිණ තිබේ.

මේ අතර අද උදෑසන දෝහා සිට පුද්ගලයින් 10 දෙනෙක් මෙරටට පැමිණ ඇත.

එසේ පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'