Logo
2020 අගොස්තු මස 5 වැනි බදාදා

විදෙස් නැවියන් පිරිසක් පැමිණේ





කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම් ලා ඇති නැව්වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද අලුයම කටාර් රාජ්‍යයේ දෝහා සිට මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6-ඊ 9093 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට තවත් විදේශීය නාවිකයන් 05 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ රැඳී සිටි නාවිකයන් 17 දෙනෙකු රැගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත මත්තල ගුවන්තොටුපළෙන් යළි ඉන්දියාව බලා  පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'