Logo
2020 අගොස්තු මස 5 වැනි බදාදා

ජපානය - කැනඩාව වැනි රටවල රැකියා දෙන බව පවසමින් මුදල් වංචාකරලා





ජපානය, කැනඩාව වැනි රටවල රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් මහනුවර දිසා අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සැකකරු ඊයේ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සැකකරු දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා සහ ප්‍රභූවරුන්ගේ නම් ප්‍රකාශ කළ විදේශ රටවල රැකියා ලබා දෙනවා යැයි පවසමින් රුපියල් 5,379,900ක මුදලක් වංචාකරු ඇති බවට අණාවරනය වී ඇති අතර ඔහු ව්‍යාජ නම් දෙකකින් පෙනී සිටි අයෙකු බව වාර්තා වේ.

ඔහු 41 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

අදාළ සැකකරු එලෙස මුදල් වංචා කර ඇති බවට වත්තේගම, මාතර, අනුරාධපුර, බෙලිඅත්ත, මතුගම, හික්කඩුව, මීටියාගොඩ, මිරිහාන, තෙල්දෙණිය, බලංගොඩ, දඹුල්ල, තලංගම, කඳාන, අලුත්ගම, නාරාහේන්පිට, මීනුවන්ගොඩ, සපුගස්කන්ද, නවගමුව, කැකරාව පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'