Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

ජෝර්දානයේ රැඳී සිටි පිරිසක් දිවයිනට





මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද අලුයම 4.00ට පමණ ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1506 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියාවලට ගොස් සිටි පිරිස් බව වාර්තා වේ.

මෙම සියලු පිරිස ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති වෛද්‍ය රසායනාගාරය වෙත යොමුකර පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'