Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

කසළ තේ තොගයක් සීදුවෙන් අල්ලයි





සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක කසළ තේ කිලෝ 700ක් පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව පොලීසය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 , 51 වයස්වල පසුවන ජාඇල සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'