Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

රජයේ ඉඩම් කොල්ලකන සභාපතිනියගේ තවත් කැත වැඩක්.





සංචාරක සංවර්ධන අධිකාරිය සතු යාල සංචාරක කලාපය සම්බන්ධයෙන් එම අධිකාරියේ සභාපතිනිය ක්‍රියා කරන පිළිවෙල මේ දිනවල මහත්  අර්බුදයට ලක්ව ඇත. තම සැමියාගේ සංචාරක හෝටලයේ  දියුණුව හා ආරක්ෂාව වෙනුවෙන් ඇය ආයතනික බලය භාවිතා කරමින් සිදු කරන නීති විරෝධි හා විනය විරෝධී ක්‍රියා හේතුවෙන් ආයතනයේ ගෞරවයට පවා හානි සිදුව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සේවක පිරිසද මහත් සේ කලකිරීමට පත්ව ඇත. මේ තවත් ඇයගේ එවැනි ක්‍රියාවක් ගැන හෙළිදරව්වකි.  සභාපතිනිගේ සැමියා වු මලික් ෆරනෑන්ඩු  මහතාට අයත් යාල Wild Coast Tented Lodge හෝටලය පිහිටා ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩමක වන අතර එය ඔහු ලබා ගන්නේ 2012 වසරේදිය. ඒ 99 අවරුදු කල්බදු ක්‍රමයටය.  මෙම හෝටලය ඉදි කිරීම සඳහා අක්කර 7 ප්‍රමාණයක් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබා ගන්නා ඔහු හෝටලය ඉදකිරීමේදි වෙරළ සංරක්ෂණ නීති රීති කඩ කරමින් වෙරළ තීරයේ නිදහස් කළ යුතු මීටර 25  වෙනුවට ඔහු වෙරළ තීරයට වෙන් කරන්නේ මීටර 15ක් පමණි. මෙය බලහත්කාර අත්පත් කරගැනීමක් වන අතර ප්‍රේරක කලාපයේ ( Buffer zone)  ඉදිකිරීම් කිරීම වෙරළ ආරක්ෂක නීතියට අනුව සිදු කළ නොහැකිය. එහෙත් යාල වයිල්ඩ් කොස්ට් ලෝජ හෝටලය සඳහා බලහත්කාරයෙන් මෙලෙස අත්පත් කරගත් මීටර් 10ට අයත් පර්චස් 155ක කොටස පසුගිය යහපාලන සමයේ මලික් ෆරනෑන්ඩු මහතාට නීතියානුකූලව ලබා දීමට එවකට සංචාරක සංවර්ධන අධිකාරියේ පාලන අධිකාරිය කටයුතු කර ඇත. මලික් ෆරනෑන්ඩුලාගේ දේශපාලන පසුබිම
ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර යුඑන්පි දේශපාලන පසුබිමක් ඇති  මොවුන්ට යහපාලන ආණ්ඩුව සමග පැවති විශේෂ හිතවත්කම් මත එම කැබිනට් අනුමැතිය පහසුවෙන්  ලැබී ඇත. මේ ආකාරයෙන් වෙරළාරක්ෂක නීති රීති කඩ කරමින් ඔහුට අනුමැතිය ලබා දීමට තරම් එදා යහපාලන ආණ්ඩුව සමයේදිද  කොරතම් ප්‍රබල හිතවත්කම් තිබෙන්නට ඇද්දැයි ක්ෂේත්‍රයේ පිරිස් සාකඡ්ඡා කරති. එසේ බලහත්කාරයෙන් අත්පත් කර ගත් පර්චස් 155 අවුරුදු 55 බඳු ක්‍රමයකට ඔවුන්ටම ලබා දීමට මේ ආකාරයෙන් එහි පාලන අධිකාරිය කටයුතු කර ඇති අතර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිියද ලබාගෙන ඇත.
 
එහෙත් දැන් එයද වෙනස් කරමින් මලික් මහතාට වාසි සහගත වන අන්දමට අවුරුදු 30ක බඳු ක්‍රමයකට මෙය ඔවුන්ට ලබා දීමට සුදානම් කර තිබේ. පෙර අවුරදු 50ක බඳු ක්‍රමය වෙනස් වී එය අවුරුදු 30ක බඳු පදනමට යටත් වීමෙන්  ඔවුන්ට ලැබෙන වාසිය වන්නේ එහිදි මාසික බඳු කුළියක් ගෙවීමට සිදු නොවීමයි. 99 අවුරුදු බඳු හෝ 50 අවුරුදු බඳු ක්‍රමයට අනුව ඉඩමේ වටිනාකටම මූලික ගෙවීමක් (Upfront Payment)සිදු කල යුතු අතර ඊට අමතරව මාසික බඳු කුළියක්ද ගෙවිය යුතු වේ. මෙම මූලික ගෙවීම තරමක් ලොකු මුදලකි. අවුරුදු 30 බඳු ක්‍රමයේදි එය වෙනස් වන අතර ඉඩමේ වටිනාකමට අදාළ මූලික ගෙවීම ඉවත් වී රු 30,000ක මාසික කුළියකට පමණක් යටත් වෙයි. අධ්‍යක්ෂ මණඩල අනුමැතිය ලබා ගත් අවුරුදු 50 බඳු ක්‍රමයෙන් ඉවත්ව එය අවුරුදු 30ක බඳු ක්‍රමයට වෙනස් වීමට නම් නැවත අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු වුවද ඇය එයද ලබාගෙන නොමැත. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය සිය සැමියාගේ ව්‍යාපාරයට අනුග්‍රහය දක්වන ආකාරය එතරම්ම පිළිකුල් සහගතය. මේ සියලු කටයුතු සිදු කරනා අතරවාරයේ ඇය පවසන්නේ ඇය සභාපතිනිය ලෙස මාසික වැටුප හා වාහන සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලබා නොගන්නා බවයි. මෙය කොයිතරම් විහිලුවක්ද යන්න  වැටහෙන්නේ ඒ මාසික වැටුප වෙනුවට ඇය රටේ දේපළ කොල්ලකන ප්‍රමාණය හා සැසඳිමෙනි. එසේම ඇය නීතිඥවරියක වුවත් ඕනෑම වංචාවක් නීතියේ රාමුව තුළම ඉඳ සිදු කිරීමට තරම් නිර්ලජ්ජිතය.  සංචාරක මණ්ඩලය තෑග්ගක් ලෙස ඇයට ලැබුණු බව අඟවමින් ඇයම ප්‍රකාශ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම සම්බන්ධ නඩුවේදි ඇය එතුමන්ට  විනිසුරුවරුන්  අල්ලා දුන් බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'