Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

නොගෙවූ වාරිකවලට 7%ක පොළියක්





කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබාදුන් සහන කාලයේ දී නොගෙවූ ණය වාරික සඳහා උපරිමය 7% කට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව අදහස් පල කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම අතිරේක පොලිය අයකර ගැනීමට අවස්ථාව දී ඇත්තේ ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා කර ණය ගිවිසුම අලුත් කිරීමෙන් පසුව පමණක් යැයිද ඔහු කියා සිටියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'