Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

හිරුණිකාට එරෙහි නඩුවට දින නියම වේ





හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 23 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවූ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

එහිදී විනිසුරුවරිය නියම කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 23 දා පවත්වන බවය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සහ ඇයගේ ආධාරකරුවන් 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් ඇයගේ ආධාරකරුවන් 07 දෙනා මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් වසර 12 කට අත්හිටවු වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'