Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

මුස්ළිම් ජාතිකයන්ට ලෝකයේ සුරක්ෂිතම රට ලංකාවයි





මුස්ලිම් ජනතාව නොමග යවමින් බලයට පැමිණි නායකයින් තම ආණ්ඩුවේ ද සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවැති පක්ෂ සම්මේලනයකට එක්වෙමිනි.

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත් ඒ මහතා එහිදී පැවසීය.

එම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසුවේ සුළුතර ජනතාවට ජීවත් වීය හැකි ලෝකයේ වඩාත්ම සුහදශීලි ජාතිය වන්නේ සිංහල බෞද්ධයින් බවය. 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'