Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

ඩුබායි සිට ආ මරණයක් නිසා බොරැල්ල කනත්ත උණුසුම් වෙයි





සෞදි අරාබියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය දිවයිනට රැගෙනවිත් ආදාහනය කිරීම සඳහා අද (08) සවස බොරැල්ල කනත්තට රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ ඥාතීන් සහ සෞඛ්‍ය අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.

ඒ, අවසන් කටයුතු කිරීමට පෙර දේහය දැකගැනීම සඳහා සෞඛ්‍ය අංශ ඥාතීන්ට ඉඩ නොදීම හේතුවෙනි.

44 හැවිරිදි පී.ගන්ගාදරන් නැමැති මෙම මරණකරු  පිළිබඳ එරට රජයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවෙහි, සඳහන් වන්නේ ඔහු හෘදය සහ ශ්වසනය අකර්මණ්‍ය වීමෙන් මියගිය බවය.

කෙසේවෙතත් නිරෝධායන නීතිය අනුව කොවිඩ් ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයෙන් දේහය ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමත් සමග ඥාතීන් ඊට විරෝධය දක්වා තිබුණි.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් ද පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසු දේහය ආදාහනය කළ අතර ආදාහනය සඳහා ස්විචය ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔහුගේම දරුවා විසිනි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'