Logo
2020 අගොස්තු මස 5 වැනි බදාදා

වව්නියාවේ දී දුම්රිය පීලිපැනීමක්





වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියක් අද  උදැසන වව්නියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක් ව තිබේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වව්නියාව දුම්රිය ස්ථානය පවසයි.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු නවතා ඇති බව වාර්තා වේ.

දුම්රිය පීලිගත කිරීම් සිදුකිරීමට නියමිත අතර, දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ද ඇණ සිට පවතී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'