Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සොයා ගැනේ





වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකුට කොවිඩ්19  ආසාදනය වී ඇති බව සොයා ගැනේ. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත එවූ අයෙක් බවයි.

මෙම ආසාදිතයා සමග සම්බන්ධ වූ අනෙක් රැදවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ද මේ වන විටත් කොරෝනා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

අදාල සියළු ආශ‍්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'