Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට





ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාසය අසල මාර්ගයේ සිදුකළ වැටලීමකින් කොළඹ උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 8.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 322 යි මිලිග්‍රෑම් 910 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරිය හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 50,000ක මුදලක් ද සමග අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 25 ක් වු කොළඹ 14, ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද දින මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'