Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

නාවික හමුදාවේ තවත් සිව් දෙනෙකුට සුවයි





කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ් අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 883කි.

කොවිඩ්-19 රෝගය වැළඳුනු තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව නාවික හමුදාව පවසයි. 

මේ වන විට මෙරටින් සමස්ත කොවිඩ්-19 රෝගින් 2074 දෙනෙකු හඳුනාගෙන තිබේ. 

ඉන් 1885 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'