Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

ජනපති ගෝඨාභය තන්තිරිමලේ ආගමික වතාවත්වල





ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(4) පස්වරුවේ අනුරාධපුරය ඓතිහාසික තන්තිරිමලය පුදබිමේ ආගමික වතාවත්වල නිරත වීය.

අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා ඖෂධ පූජාව ද ජනපතිතුමන් අතින් සිදු කෙරුණ අතර පදවි ප්‍රාප්තියට ආශිර්වාද කළ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන හිමියෝ කොවිඩ් 19 පාලනයට ජනපතිවරයා ප්‍රමුඛ රජය කළ විශිෂ්ට මෙහෙවර ගැන ප්‍රසාදය පළ කළහ.

පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට සමාන තන්තිරිමලේ ඓතිහාසික ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාවද ජනපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන්වහන්සේ ජනතා වන්දනා මානයට විවෘත කළ ජනපතිවරයා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් සහ ප්‍රදේශවාසීන් සමග ද ජනපති ගෝඨාභය සුහද කතා බහක නිරත විය.

.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'