Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

පොහොට්ටුවේ විජයග්‍රහණයට ගෝඨා අනුර පුරෙන් වැඩ අල්ලයි





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැතිවෙන ජනහමු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිය එක්කිරීම අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ විය.

කැබිතිගොල්ලෑව නාගරික උද්‍යානය අසල ජනහමුවේ විශේෂ අවස්ථා...

කහටගස්දිගිලිය සහ හොරොව්පතාන ප්‍රදේශවල පැවැන්වුනු ජනහමු වල විශේෂ අවස්ථා කීපයක්...

ගල්කුලම මංසන්ධියේදී පැවැත්වුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවට සහභාගී වී ඔවුන් හා ජනපතිගේ අදහස් හුවමාරු කරගත් අයුරු..........

කැකිරාව, කුඹුක් සෙවනේදී ගරුතර සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන් හමුවී එළඹෙන මහමැතිවරණය පිළිබද පිළිසදරක යෙදීමට අවස්ථාව ජනපතිවරයාට හිමිවිය.

එහිදී ඔවුන්ගේ ගැටළු සහ යෝජනා ජනපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී. නිස්කලංක පරිසරය සහ සහභාගී වූ ප්‍රදේශවාසීන්ගේ උනුසුම් ප්‍රතිචාර වලින් ජනපතිවරයා ඉමහත් සතුටට පත්වීය.

තලාව, තම්මැන්නා නිදහස් උයනේදී ජනතාව හමුවී ඔවුන් සමග පිළිසදරක යෙදීමට ජනපතිවරයාට හැකිවිය. ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඉදිරියේදී කෘෂිකර්මාන්තය මගින් ජීවත්වන මෙම ජනතාවට තම ජීවන තත්ත්වය ඉහල දමා ගැනීමට හැකි වන ආර්ථික අවස්ථා ඇති කිරීමට  බලාපොරොත්තු දැල්විණ.

කලා වැව ඉස්මත්තේදී ජනතාව සමඟ පිළිසදරක යෙදීමට ජනපතිවරයාට හැකිවිය. ඔවුන්ගේ ආදරය සහ දිරිගැන්වීම් ශ්‍රී ලංකාව සංවර්ධනයේ හිනිපෙත්තටම නැංවීම වෙනුවෙන් තව තවත් කැපවී වැඩ කිරීමට ලැබූ පන්නරයක් ලෙස ජනපතිතුමන්හට හැඟිණි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'