Logo
2020 අගොස්තු මස 3 වැනි සඳුදා

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි පිරිසක් රැගෙන එයි





වියට්නාමයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 65 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඊයේ එම පිරිස වියට්නාම් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව වාර්තාවේ.

මේ අතර ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයින් 261 දෙනෙකුද අද අළුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වබ වාර්තා වේ.

එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට අද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකර ඇති බව වාර්තාවේ .






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'