Logo
2020 ජූලි මස 2 වැනි බ්‍රහස්පතින්දා

විදුලිය හොරෙන් ගත් 1937කට නඩු





2019 මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාලය තුළ අනවසරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 1937 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු මත දඩමුදල් වශයෙන් රුපියල් මිලියන 59ක් අය කර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය විමර්ශන කන්ඩායම් හා පොලීසිය සමග එක්ව අනවසරයෙන් විදුලිය ලබා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ.

මේ අතර විවිධ පුද්ගලයින් වාර්ෂිකව අනවසරයෙන් විදුලිය ගැනීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට අහිමි වන මුදල රුපියල් මිලියන 100 ඉක්මවන බව ද වාර්තා වේ.

ඇතැම් පුද්ගලයින් වැඩිපුරම අනවසරයෙන් විදුලිය ලබා ගන්නේ වගාවන්ට හානි කරන සතුන් පළවා හැරීමට බව පෙනී ගොස් තිබේ.

එසේම අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට උත්සහ කිරීම නිසා සහ විවිධ හේතුන් මත විදුලි සැර වැදීමෙන් වාර්ෂිකව පුද්ගලයින් 100-150 දක්වා මියයන බව පෙනී ගොස් ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'