Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

වෙස්වලා ගත් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට





නිවසක රත්‍රං ඇති බව පවසා එය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑ පුද්ගලයින් තිදෙනෙක් නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක රත්‍රං කිලෝවක් ලක්ෂ 75ක් බැගින් කිලෝ 100ක් විකිණීමට ඇති බවට පවසා මුදල් රැගෙන පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් කොල්ලකෑමට පිරිසක් තැත් කරන බවට පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් රත්‍රං මිල දී ගැනීමේ මුවාවෙන් එම ස්ථානයට මුදල් ද රැගෙන ගොස් ඇත.

පසුව මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් කොල්ලකෑමට තැත් කර තිබේ.

වැටලීමට පැමිණි නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයේ සිටි සැකකරුවන් තිදෙනෙකු පෙරේදා සවස 4.45ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකුරුවන් අවුරුදු 41 හා 42 වයස්වල පසුවන තුංකම, ඇඹිලිපිටිය හා සුල්තානාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ඊයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'