Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

නාවිකයින් 6කට සුවයි





නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි.

වෛරසය ආසාදිතව සිටි 904 ක් වන නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62 ක්.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2047 ක් වන අතර ඉන් 1711 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'