Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162ක් ස්වයං නිරෝධායනයට





මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

අද  උදෑසන 05.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලීම් වලදි අදාල පිරිස හදුනාගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

එහිදී මුඛ ආවරණ හරියාකාරව නොපැළඳ සිටි පුද්ගලයින් 905 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට තරයේ අවවාද කළ බව එම කාර්යාලය සඳහන් කළේය.

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'