Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

අරවින්ද ද සිල්වා ප්‍රකාශයක් දීමට පැමිණෙයි





2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරඟයේ දී පාවාදීමක් සිදුවූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණට අදාළ ව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තිබේ.  

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය සඳහා නම් කළ සංචිතය අවසන් මොහොතේදී වෙනස් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

එවක ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය මගින් කැඳවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටය.

නමුත් එම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අවසර දුන් ලිපිය පසුගියදා සති අන්ත පුවත්පතක් විසින් පළ කර තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'