Logo
2020 ජූලි මස 11 වැනි සෙනසුරාදා

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට





ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත් ගුවන් යානය අද දින උදෑසන 8.52 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව වාර්තා වේ.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'