Logo
2020 ජූලි මස 11 වැනි සෙනසුරාදා

සුරාබදු වෘතීය ගැටළු විසඳන්න ජනපති මැදිහත් වෙයි





සුරාබදු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් දීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.
සේවා ව්‍යවස්ථාව කඩිනම් කිරීමට, බඳවා ගැනීම් සහ උසස්විම් සම්බන්ධ ගැටළුවලට ආයතන මට්ටමින් විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව සමග අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු විය.
මෙහිදී උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා යොමු කිරීම කෙරෙහි ද ජනපතිවරයාගේ අවධානය යොමු විය.
දීර්ඝ කාලයක සිට එකම තනතුරේ සේවය කරන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම සහ රාජකාරී ඉටු කිරීමේදී භෞතික සම්පත්වල ඌනතාවට පිළියම් සෙවීම ගැනද සාකච්ඡා කෙරිණ.
පහළ තනතුරු සදහා බඳවා ගැනීමේ දී නිපුණතාවක් නැති අඩු ආදායම්ලාභී පිරිසට අවස්ථාව හිමිවන අයුරින් ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැය. තවදුරටත් ජනපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නෙමි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල, සුරා බදු කොමසාරිස් ඒ. බෝදරගම යන මහත්වරු ඇතුළු නිලධාරීහූ හා වෘත්තීය සමිති නියෝජිතයෝ සාකච්ඡාවට එක් ව සිටියහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'