Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි ඝාතනය කර අපවත් කරවයි





ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි ඊයේ (28) යම්කිසි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

අද (29) උදෑසන විහාරස්‌ථානයට පැමිණි පිරිසක් බුද්ධානන්ද හිමි කැපුම් තුවාල සහිත ව බිම වැටී සිටින ආකාරය දැක ඒ බව කොස්ගොඩ පොලීසියට දැනුම් දී තිබේ.
 
පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි 73 හැවිරිදි වියේ පසු වූ අතර යම්කිසි සොරකමකට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වන බව අප වාර්තාකරු පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'