Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

දියේ ගිලී 16 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට





වාලච්චේන පොලිස් වසමේ මීරාඕඩය පුලි අඩි කලපුවේ දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ සවස 5.30ට පමණ පිරිසක් සමග දියනෑමට ගිය මෙම තරුණයා දියේ ගිලී ඇත.

මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වු ඉමාම් පාර, බීරාන්දරච්චේන ලිපිනයේ පදිංචි තරුණයෙකි.

මියගිය අයගේ පියා සහ පවුලේ ඥාතීන් සමග දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස අනතුරට ලක්වු බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය වාලච්චේන රෝහලේ තැන්පත් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'