Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 827ක් අත්අඩංගුවට





බස්නාහිර පළාත තුළ සිදුකරන ලද අපරාධ නිවාරණ මෙහෙයුමෙන් සැකකරුවන් 827 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

පසුගිය වසර 3 ක් තුළ පිහිට ආදි කැපෙන ආයුධවලින් බරපතළ තුවාල සිදු කරන ලද සැකකරුවන් 62 ක් හා සුළු අපරාධ සිදුකල සැකකරුවන් 106 ක් මොවුන් අතර වේ.

ඊයේ උදෑසන 6 සිට අද අළුයම 5 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම සිදුකර ඇත.

එහිදී හෙරොයින් වැලීම් 173 ක් මඟින් සැකකරුවන් 173 ක් හෙරොයින් ග්‍රෑම් 91 යි මිලිග්‍රෑම් 153 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ගංජා, නීතිවිරෝධි මත්පැන් , ගෝඩා හා අයිස් මත්ද්‍රව්‍ය හා වෙනත් වැටලීම් 408ක් සිදුකර පුද්ගලයින් 408 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'