Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

නාකොටික් එස්.අයිගේ මිනුවන්ගොඩ නිවස සෝදිසි කරයි





හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් හා දේපල තොගයක් පොලිසිය මගින් සොයාගෙන තිබේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී එම දේපල සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සදහා යොදාගත් මෝටර් රථයක්, යතුරුපැදියක්, රුපියල් නව ලක්ෂ 40,000ක මුදලක්, පිහියක්, ක්‍රෙඩිට් කාඩ්පත් 4 ක්, ජී.පී.එස්. උපකරණයක්, සැටලයිට් දුරකතනයක් සහ සිම්පතක් සමග ජංගම දුරකතනයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත මෙම හිටපු උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'