Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

පැය 24ක් තුළ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 340ක් අත්අඩංගුවට





උදෑසන 06.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාල වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය. 

හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන්, ගෝඩා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සමග අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'