Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

පිටකොටුවේ එළවළු ලොරිවලින් කප්පම් ගත් පිරිස අත්අඩංගුවට





කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පිටකොටුවේ කප්පම් ලබා ගත් පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව මැනින් වෙළෙඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවත කැලෑපොල අසළ නවතා තිබු එළවළු ලොරිවලින් මෙම පිරිස කප්පම් ලබා ගෙන ඇත.

ඊයේ උදෑසන 8.30ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24, 36, 38, 55, 60 යන වයස්වල පසුවෙන ග්‍රෑස්ඩ්පාස් වැල්ලම්පිටිය හා  කහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද දින අලුත්කඩේ අංක 02, මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'