Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

එම්.සී.සී බිල්ලාට ජනපතිගෙන් රාජතාන්ත්‍රික පිළිතුරක් - විපක්ෂයේ මෝඩ චූන් අවසන් වේ





එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම මඟින් රට අනතුරුදායක තත්ත්වයකට පත් වන බව එම ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. 

ඔහු පවසන්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් තැබූ අනෙකුත් රටවල් මුහුණ දී ඇති අත්දැකීම් සමග සැසදීමේදී එය තවදුරටත් තහවුරු වන බවය. 

අදාළ කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව කියා සිටියේය.

මේ අතර එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ආණ්ඩුව රටට හෙළිකළ යුතු බව අතුරලියේ රතන හිමි පවසයි. 

උන්වහන්සේ පෙන්වාදෙන්නේ එම්.සී.සී ගිවිසුමට අදාළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාලය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවය.  

අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය. 

කෙසේවෙතත් අදාළ කමිටු වාර්තාවට පටහැනිව කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකරන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.  

මේ අතර එම්.සී.සී ගිවිසුම සමාලෝචන කිරීමට පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ජනතාවගේ අවධානය සඳහා යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.  

අදාළ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී අද (25) භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත ඔහු මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'