Logo
2020 ජූලි මස 7 වැනි අඟහරුවාදා

මාතර හරක් කටාගේ සමීතමයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට





මිදිගම චින්තක නොහොත් "හරක් කටා" නැමැති මාතර, මිදිගම ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගේ සමීපතමයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

ජෙරම්‍ කෝලිත ද සිල්වා ‍නැමැති මෙම අපරාධකරු ඊයේ 10 ට පමණ විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වැලිගම පොලිස් වසමේ, තුන්මෝදර, පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 34 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිස් ස්ථානයට බාර දී තිබේ.

මෙම පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඔහු යුද හමුදා විශේෂ බලකායට අනුයුක්තව වසර 10 ක් පමණ සේවය කර 2013 වසරේ දී යුද හමුදාවෙන් පලා ගිය බවට අනාවරණය වී තිබේ.

මොහුට විරුද්ධව පොලිස් ස්ථානවල වෙඩි තැබීම්, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරිමට අදාළ නඩු ගොනු කර තිබේ.

2017 වසරේ දී බත්තරමුල්ල ප්‍රදේශයේ දී පුද්ලගයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීප සූජිව සේරසිංහ මහතාගේ ලේකම්වරයෙකුට ටී 56 අවියකින් වෙඩි තැබීම හා අතුරුගිරිය ගල්වරුසාව හන්දියේ දී පොඩි සුදු නාමල් නැමැත්තාට වෙඩි තැබීමට මොහුට‍ චෝදනා එල්ල වී තිබේ.

2020.05.30 වන දින මාතර, මිරිස්ස ධීවර වරායේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට දී මාකඳුරේ මධූෂ් නැමති අපරාධ කල්ලි නායකයාගේ සමීපතමෙයෙක් වු අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමැත්තා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම මාතර ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන මිදිගම චින්තක නොහොත් හරක් කටා නැමැත්තා විසින් මෙහෙයවා ඇත.

ඔහු සමඟ මෙම අත්අඩංගුවට ගත් සැකකරු ඍජු සම්බන්ධතාවයක් පවත්වා ඇතැයි වාර්තා වී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'