Logo
2020 ජූලි මස 10 වැනි සිකුරාදා

ලොව කොවිඩ්-19 ආසාදිතයන් ගණන හැටපන්ලක්ෂය ඉක්මවයි





සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ හත්දහසකට අධිකයි.

වර්තමානයේ ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින් පවතින කොවිඩ් වසංගතයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රාජ්‍යය බ්‍රසීලයයි.

ගත වූ පැය 24 තුළත් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්ය.

එම සංඛ්‍යාව 1,269 කි.

එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 32,568 කි.

බ්‍රසීලයෙන් ආසාදිතයන් 584,562 ක් හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් තවමත් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය.

එම සංඛ්‍යාව 1,901,783 කි.

ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ නව මරණ 1,083 ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 109,142 දක්වා ඉහළ දමමින්ය.

වරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ යුරෝපයේ ඊයේ  වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එය 359 කි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 39,728 ලෙසයි.

වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් ඊයේ අලුතින් හඳුනාගැනුනේ එක් ආසාදිතයෙකු පමණයි.

දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයන් 9,633 ක් හඳුනා ගැනුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'