Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

තවත් ආසාදිතයින් 14 ක්-සමස්තය 1749 ක් දක්වා ඉහළට





ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ඊයේ දිනයේ දී කොවිඩ් නයින්ටීන් රෝගීන් 66 දෙනෙක් වාර්තා වීමත් සමඟයි.

මෙම ආසාදිතයින් 14 දෙනො බංග්ලාදේශයේ සිට පැමිණි අය බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් 19 දෙනෙකු මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන්, සිව් දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථායෙන් තවත් සිව් දෙනෙකු මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අය බව සඳහන්.

අනෙක් නාවික හමුදා රෝගීන් සිව්දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් අතර කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු සහ කුවේට්හි සිට පැමිණ මින්නේරිය සහ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන බව සඳහන්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'