Logo
2020 ජූලි මස 3 වැනි සිකුරාදා

නිදන් සෙවූ තිදෙනෙක් අත්අඩංගුවට





පුල්මුඩේ පොලිස් වසමේ වැලිඇල, මහසෙන්පුර ප්‍රදේශයේ දී පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් හා පුල්මුඩේ පොලිස් නිලධාරීන් හා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සවස 2.10 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුවන් තිදෙනා කැණීම් සඳහා උපයෝගී කර ගත් උපරකරණ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 44 හා 49 ක් වන මහසෙන්පුර හා පදවිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුල්මුඩේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'