Logo
2020 ජූලි මස 12 වැනි ඉරිදා

කොන්ත්‍රාත්කරුවන්ට යටවී ලංවිම අනාගත උගසට තබන නොරිච්චෝලේ...





පසුගියදා ලක්විජය (නොරිච්චෝලේ ) බලාගාරයෙන් උණ රෝගීන් කිහිපදෙනකු හමුවීම මත සේවකයන් කැළඹීමට පත්විය. ඒ අනුව එම පිරිස නිරෝධායනයට යොමු කිරීමටත් ඔවුන් PCR පරික්ෂණ වලට යොමු කිරීමටත් තීරණය විය. එහි සැගවුනු තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇත.
මේ පිටුපස ඇත්තේ ලංවිම සෑබෑ හෙළුවයි.

ලක්විජය බලාගාරයේ කාර්යාලයක සේවය කරන සේවිකාවන් කිහිපදෙනකුට උණ රෝග වැළදීමත් සමග මෙම කැලඹීම ඇතිවිය.

රෝග වැලදීම හා රෝග බෝවීම යනු සාමාන්‍ය තත්වයකි. නමුත් ලක්විජය කාර්‍යාලීය සේවිකාවන්ට මෙම රෝග වැලදී ඇත්තේ කොන්ත්‍රාත් සේවිකාවක් හරහාය.

එහි නිධාන කතාව මෙසේය. නොරිච්චෝලේ ඉහල නිළධාරියෙකුට හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුගේ ආයතනයක සේවය කරන සේවිකාවක් නතර වී සිටින්නේ ලංවිම ස්ථිර සේවකයන්ට ලබාදෙන නවාතැනක බව වාර්තා වේ.

ලංවිම ස්ථීර සේවකයන්හට ලක්විජය බලාගාර තුළ නේවාසිකාගාර ලබාදීමට මැලිකමක් දක්වන පාලකයන් කොන්ත්‍රාත් සේවකයෙකුට එසේ බලාගාර සතු නේවාසිකාගාර ලබාදුන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුය.

එපමණක් නොව දින කිහිපයක් උණ රෝගයෙන් පෙලුන සේවිකාවක් මෙවැනි රටක් වෙලාගත් වසංගත තත්වයක් යටතේ සෞඛ්‍ය අවධානමක් සහිතව සිටියේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුය.

එසේම මේ සමග ලක්විජය බලාගාරයේ තීත්ත ඇත්ත හෙළිවෙමින් පවතී. බලාගාර තුළ ස්ථිර සේවකයන් සිටියදී එම රාජකාරි සදහා කොන්ත්‍රාත් සේවකයන් යොදා ගන්නා බවට බලාගාර සේවකයන් සිදුකරන චෝදනාව අද වන විට සත්‍යයක් බවට ඔප්පු වන්නේ රාජකාරි කොන්ත්‍රාත් දීමෙන් එහා ගොස් ස්ථිර සේවකයන් සතු නේවාසිකාගාර පවා ලබාදීමට කටයුතු කර තිබීම නිසාය.

ලක්විජය බලාගාර කළමණාකාරතුමණි, ලංවිම සාමාන්‍යාධිකාරීතුමණි, ඔබලා දක්වන ප්‍රතිචාර කෙරෙහි ලංවිම සේවකයන් අවධානයෙන්....

මාධ්‍ය අංශය
ලංකා විදුලි පොදු සේවක සංගමය
2020.06.01






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'