Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ තීරණයක්





එළඹෙන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින තීරණය කර ඇත.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම් හා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමින් පොදු ප්‍රවාහන සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට තීරණය වූ බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. 

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේදී මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණදෙන ආකාරය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ. 

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය අනිවාර්ය කර ඇති බැවින් ඒ සඳහා ප්‍රමාණවත් බස් රථ නොමැති වීමේ ගැටළුව පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'