Logo
2020 ජූලි මස 10 වැනි සිකුරාදා

මාලිගාවත්තේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට





මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රී 7.50 ට පමණ කොටහේන පොලිස් වසමේ සුපිරි වෙලඳ සැලක් අසල දී රාජගිරිය ‍විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වයස අවුරුදු 31 ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින සවස වැල්ලම්පිටිය හා මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

‍අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 ක් වන කොළොන්නාව හා මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'