Logo
2020 අගොස්තු මස 13 වැනි බ්‍රහස්පතින්දා

ලෝක දැවන්තයන් දණ ගැස්සවූ කොරෝනා අස්සේ ජවිපෙ කුහක දේශපාලනය යළි කරළියට - හෙට සිට රටපුරා උද්ඝෝෂණ





හෙට සිට රට පුරා අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වූ සේවකයන්ට රැකියා ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ මාලාව පවත්වන බව ඔහු පැවසීය.

මෙම උද්ඝෝෂණ මාලාවේ පළමු පියවර හෙට දිනයේ හම්බන්තොට කම්කරු කාර්යාලය ඉදිරියෙන් ආරම්භ කරන බවද ඔහු පැවසුවේය.

අද වන විට මෙරට කර්මාන්තශාලා සැලකිය යුතු ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ඒවායේ සේවය කළ අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයන් ලක්ෂ තුනක පමණ පිරිසකගේ රැකියා අහිමිව ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'