Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

අත්සන් 21000ක් ගසා අතේ දියපට්ට ආවත් රටට නාව අර්ජුන් ගැන සිරිසේන කතා කරයි





හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් විසිඑක්දහසක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"වෝහාරික විගණනය ජනතාව දැනගත්තේ මං පත් කළ කොමිසමේ වාර්තාවෙන්.

මෙම වාර්තාව තුළ ප්‍රධාන වගඋත්තරකරු අර්ජුන් මහේන්ද්‍රන්.
 
මම 2019 දි සිංගප්පුරු අගමැතිව පෞද්ගලිකව හම්බවුණා.

එහිදී මම කිව්වා සියලු ලිපි ලේඛන එවලා තියෙනවා, අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළා..

මහේන්ද්‍රන් ගෙන්වා ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලිපිවලට මට අත්සන් 21000ක් ගහන්න වුණා.

ඒ නිසා අත්සන් කළ තුන්වැනි දවසේදි අතේ දියපට්ට ආවා.

ජනාධිපති විදිහට මම අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වාගන්න අත්සන් ගැහුවා..ඒ විදිහේ වැඩ කොටසක් මම කළා."







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'