Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

මීගහතැන්නේ නාඳුනන කාන්තා මළ සිරුරක්





මීගහතැන්න පොලිස් වසමේ බඹරැල්ල ප්‍රදේශය හරහා ගලා යන ‍පැලවත්ත බෙන්තර ගඟේ අතු ශාඛාවක් වන පැලවත්ත ඇළේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

ඊයේ සවස 6 ට පමණ මෙය හමුවී ඇත.

මීගහතැන්න පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවරු වී‍ නොමැත.

මීගහතැන්න පොලීසිය ජනතාවගේ සහය ඇතුව මළ සිරුර ගොඩ ගෙන තිබේ.

‍මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා එම ස්ථානයේ මළ සිරුර තබා ඇති අතර මෙය දියේ ගිලී මිය යෑමක් ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණය වී‍ නොමැත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'