Logo
2020 ජූලි මස 14 වැනි අඟහරුවාදා

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළට





ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත.

මේ වන විට පුද්ගලයින් 829 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි.

මෙරට පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 781 ක් දක්වා ඉහළ ගියේය.

‍මෙරට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'