Logo
2020 ජූලි මස 15 වැනි බදාදා

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 9067 කට දඬුවම් නියම කරයි





මාර්තු මස 20 වන දින සිට අද අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,778 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර ඊයේ රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 143ක් හා වාහන 35ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු මස 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගනය කර නඩු පැවරූ සංඛ්‍යාව 22,591 ක් වෙයි.

නඩු පැවරීම්වලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 9067 කි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'