Logo
2020 ජූලි මස 10 වැනි සිකුරාදා

අමෙරිකාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි





අමෙරිකාවේ කොවිඩ්-19 වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

එරටින් මේ වන විට පුද්ගල මරණ 100580ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරටින් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 775 කි.

අමෙරිකාවෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1725155 දෙනෙකු හදුනාගෙන ඇති අතර  සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 478392 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් 56 78026 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 351668 කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'