Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් 14 දෙනා කුවෙට් සිට පැමිණි අය





අවසන් වරට අද වාර්තා වු කොරෝනා ආසාදිතයින් 14 දෙනා කුවෙට් හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1162 දක්වා ඉහල ගොස් ඇත. 

මේ අතර තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

එම පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ද වන බව සඳහන්. 

ඒ අනුව මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 313 දක්වා ඉහල ගොස් තිබේ. 

අද වන විට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 695 ක් වන අතර තවත් 457 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'