Logo
2020 ජූලි මස 13 වැනි සඳුදා

යාපනයේ නිවසක සිටි වැඩිහිටියන් දෙදෙනෙකු බැඳ දමා රන් භාණ්ඩ සොරාගෙන





යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවස පදිංචිව සිටි වැඩිහිටියන් දෙදෙනෙකු බැඳ දමා වැඩිහිටි කාන්තාව පැළඳ සිටි රන් භාණ්ඩ කිහිපයක් ඊයේ  රාත්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් ඇත. 

පොලිසිය පැවසුවේ වයස අවුරුදු 75 ක් වු කාන්තාවකගේ හා වයස අවුරුදු 71 ක් වු පිරිමි පුද්ගලයෙකුගේ දෙපා බැඳ දමා කාන්තාව පැලඳගෙන සිටි රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බවයි.

පොලිසිය පැවසූවේ වැඩිහිටි කාන්තා පැළද සිටි මාලයක්, වළලු දෙකක් ඇතුළු රන් භාණ්ඩ පවුම් හතකට ආසන්න ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතර, චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'