Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

කොළඹ නගරය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කෙරේ





2020 මාර්තු මස 18 දින සිට ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම කරුණු කොටගෙන ඇඳිරි නීතිය පනවනු ලැබීය. අධි අවදානම් ප්‍රදේශ හැරුණු කොට අනෙකුත් දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය අවස්ථානුකූලව ලිහිල් කළ අතර, හෙට (11) සිට ලංකාවේ ප්‍රධානම වාණිජ නගරය වන කොළඹ නගරය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කෙරේ. කොරෝනා වෛරසයට එරෙහි සටන ජයගැනීමට අප සෞඛ්‍යමය සහ ආර්ථික වශයෙන් ශක්තිමත් වීම අත්‍යාවශ්‍ය වේ. නැවත රැකියාවට යන ඔබට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතන උපදෙස් මාලාවන් ප්‍රකාශයට පත් කර ඇත. ඒවා අකුරටම පිළිපැදීමෙන් ඔබ,ඔබේ පවුලේ අය සහ මුළු රටේම පුරවැසියන් මේ උවදුරෙන් ගලවා ගන්නා මෙන් මම ඉතා කරුණාවෙන් ඉල්ලමි. -ගෝඨාභය රාජපක්ෂ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'