Logo
2020 ජූලි මස 8 වැනි බදාදා

රනිල් අපරාජිත සජිත් පරාජිත සජිත් කරන්න ගහපු ගේම-ගම්මන්පිල





ජනාධිපතිවරණය පරාජයට පත්වු සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන මහමැතිවරණයේ නායකත්වය භාර ගැනීම තුළ තවත් පරාජයක වගකිවයුත්තෙකු බවට පත්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.

කොළඹ මහවැලි කේන්ද්‍රයේ  අද (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

පිවිතුරු හෙළ උරුමයේ තරුණ සංවිධාන සමුළුව විජයබා පරපුර නමින් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත් විය.

එහිද අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පැවසුවේ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණානම් පරාජයත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාම යන බවයි.

එසේ වුයේ නම් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයා බවට පත් වී අවසන් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'